ඡන්දදායකයින්ට අල්ලස් දුන් මන්ත්‍රීවරයෙකුගේ ධුරය අහෝසියි.

ඡන්දදායකයින්ට අල්ලස් දුන් මන්ත්‍රීවරයෙකුගේ ධුරය අහෝසියි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකට තේරී පත්වූ අපේක්ෂකයෙකුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට මොනරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කර තිබෙනවා.

ඒ මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින්.

පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව එම නඩුව ගොනුකර තිබුණා.

පැෆ්රල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට අධිකරණය නියෝග කළ බවයි.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම අධෛර්යමත් කරනු ඇති බව එම සංවිධානය පවසනවා.

යම් හෙයකින් එසේ කළද ඕනෑම මොහොතක ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

Share This