චෙන්නායි සුපර් කිංස් නැවතත් පෙරමුණට

චෙන්නායි සුපර් කිංස් නැවතත් පෙරමුණට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ජය ලබාගැනීමත් සමගයි.

චෙන්නායි කණ්ඩායම තරග 9කදී ජයග්‍රහන 7ක් වාර්තා කරමින් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14ක්.

මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට පත්ව ඇති නමුත්, ඔවුන්ට ද ප්‍රසාද ලකුණු 14ක් හිමිව තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තවදුරටත් තෙවැනි ස්ථානය රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගනිමින්.

Share This