චීන විදේශ ඇමති ජනපති හමුවෙයි

චීන විදේශ ඇමති ජනපති හමුවෙයි

කොළඹ වරාය නගරයේ ඉදි කෙරුනු පදික මං තීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය චීන විදේශ කටයුතු ඇමති වෑන්ග් යී අතින් අද දහවල් විවෘත කෙරුනා.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවකද නිරත වුනා.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා වෑන්ග් යී අතර පැවති හමුවේදී ආපසු ගෙවීමට ඇති ණය ප්‍රති ව්‍යයුවහගත කිරීමට ඇති හැකියාව කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා

චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනය කළ වැන්ග් යී එය ඉතා නුදුරේදීම සිදුවනු ඇතැයි විශ්වාසය පලකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නිල සංචාරය නිමකළ චීන විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

Share This