
චීන රොකට්ටුවක සුන්බුන් පිලිපීනයේ සුලු මුහුදට කඩා වැටෙයි
චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත උපකරණ තොගයක් රැගෙන පසුගිය ජූලි 24 වැනිදා කක්ෂ ගතකරන ලද චීන CZ5B රොකට්ටුවේ සුන්බුන් ඊයේ රාත්‍රියේ පෘථිවියට කඩා වැටි තිබෙනවා.
ටොන් 25 ක් බර එම රොකට්ටුවේ අවශේෂ කොටස් පෘථිවි කක්ෂයට එපිටින් පාවෙමින් තිබු අතර ඒවා කුමන මොහොතක හෝ පෘථිවියට ඇතුලුවිය හැකි බව අනාවැකි පළවි තිබුණා.
ප්‍රක්ශේපිත ප්‍රදේශ අතර ඉන්දියන් සාගරයට වැඩි සම්භාවිතාවක් ද පැවති අතර, ඊයේ රාත්‍රියේ එම කොටස් පිලිපීනයේ සුලු මුහුදට කඩා වැටි සදහන්.
ටොන් 25ක් බර රොකට්ටුවේ ටොන් 10 ක පමණ කොටස් පෘථිවියට කඩා වැටෙන බවට අනාවැකි පළවූ නමුත් බොහොමයක් කොටස් පෘථිවි කක්ෂයට ඇතුළු වීමේ දී දැවී ගොස් තිබූ බව සදහන්.

#China:The debris of the upper stage of the Long March 5B Y3 rocket (#CZ5B) has re-entered the atmosphere in #Sulu sea around 119.0°E, 9.1°N, and most of the components have been burnt out during re-entry. pic.twitter.com/StX0QDmYiA https://t.co/WgrJXtD7dX
— Wᵒˡᵛᵉʳᶤᶰᵉ Uᵖᵈᵃᵗᵉˢ𖤐 (@W0lverineupdate) July 30, 2022