චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක්  හා ජනපති අතර හමුවක්.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් හා ජනපති අතර හමුවක්.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා, චීන නියෝජිත පිරිස දැනුවත් කළ අතර මෙරට තුළ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එසේම මෙම කටයුතු වලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ පිරිස දැනුවත් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම කටයුතු අවසන් වීමෙන් පසු, නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන බවයි.

අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කළ චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන ගමන් මඟ පිළිබඳ විශ්වාසය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This