
චීනය ප‍්‍රධානය කළ භූමිතෙල් අද සිට ධීවර ප‍්‍රජාවට
චීන රජය පසුගියදා මෙරට ධීවර ජනතාව වෙත නොමිලයේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් බෙදා දීම පානදුර ධීවර වරායේදී අද ආරම්භ වුණා.
විෂය භාර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද ශ‍්‍රී ලංකා චීන තානාපති චී ෂෙන් හොන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටි බවයි සිත නිව්ස් 24 වාර්තාකරු කියා සිටියේ.
භූමිතෙල් ඉන්ධන භාවිත කරන බෝට්ටු 26,000 කට ලීටර 150 බැගින් මෙම ඉන්ධන ලබා දීමටයි කටයුතු කර තිබුණේ.