චීනයේ ආර්ථික සහ දේශපාලන සහයෝගය අගය කරනවා – අගමැති දිනේෂ්

චීනයේ ආර්ථික සහ දේශපාලන සහයෝගය අගය කරනවා – අගමැති දිනේෂ්

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Shenhong මහතා පසුගිය දා අරලිගහ ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී තිබෙනවා.

මෙහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.

දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශ්වික මිතුදමක් පවතී. පවතින තත්වය හමුවේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේ දී අවධාරණය කෙරිණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව චීන තානාපතිවරයා මෙහි දී සඳහන් කළා.

චීනය ද එම අරමුදලේ සාමාජිකයකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට තානාපති වරයා සහතික වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

Share This