චරිත දාලා යන කෙනෙක් කියලා පැතිරුන කටකතා ගැන සුරූපී නිලි නිත්‍යා දේවින්දි  කියන කතාව.

චරිත දාලා යන කෙනෙක් කියලා පැතිරුන කටකතා ගැන සුරූපී නිලි නිත්‍යා දේවින්දි කියන කතාව.

කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි .

පහුගිය කාලයේ ටෙලිනාට්‍ය හරහා දැකගන්න ලැබුණු ඇය මේ දිනවල පාර දිගේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට එනවා

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ රංගන ජීවිතේ තොරතුරු කියලා තිබුනා.

ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සමග මට වැඩ කරන්න ලැබීම සතුටක්.

කෙනෙකුට විවිධ දේවල් කටකතා තුළින් පතුරන්න පුළුවන්.
නමුත් මගේ ජීවිතේ ඇත්ත දන්නේ මම විතරයි.

මම ටෙලිනාට්‍යවල රඟපාලා අතරමග චරිත දාලා යන කෙනෙක් කියලා විවිධ කටකතා පැතිරුණා.

නමුත් මම බාරගත්ත චරිතයට උපරිම සාධාරණයක් කරමින් නිර්මාණය සාර්ථක කිරීමට තමයි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ.

මගේ පියා 2018 වසරේ පිළිකාවක් හැදිලා නැතිවුණා.

එදායින් පසු අපේ ජීවිතවලට විවිධ ප්‍රශ්න ආවා. මගේ මව නිර්භීත, ශක්තිමත් ගැහැනියක්.
ඇයගේ ශක්තිය අපට ලැබුණා. ඒ වගේම කිසිම මොහොතක මගේ අයියා මාව තනිකළේ නැහැ. මගේ පවුලේ සියලුම දෙනාම මං එක්ක හිටියා කියලයි ඇය අවසාන වශයෙන් පවසුවේ.

Share This