
ගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ බලයෙන් පහකළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ ලබා ගැනීම තෙක් තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටින බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා පවසා තිබෙනවා.
බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව, ගෝඨාභය රාජපක්ෂට තාවකාලිකව රට තුළ රැඳී සිටීමට තායිලන්තය එකඟ වී ඇති බව එරට අගමැතිවරයා පවසනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට සිටින සිංගප්පූරුවේ වීසා බලපත්‍රය අවසන් වී ඇති බවත් තායිලන්තයට පැමිණීමෙන් පසු ඔහු ස්ථිර රැකවරණය පතා තෙවන රටක් සොයන බව ද අග්‍රාමාත්‍ය චාන්-ඕ-චා වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
