![ගෙදරින් කිව්වා දෙවෙනි කසාදයකට යන්න එපා දරුවා හදාගෙන ඉන්න කියලා – පූර්නිකා [PHOTOS] ගෙදරින් කිව්වා දෙවෙනි කසාදයකට යන්න එපා දරුවා හදාගෙන ඉන්න කියලා – පූර්නිකා [PHOTOS]](https://news24.lk/wp-content/uploads/2022/11/poornika.jpg)
ගෙදරින් කිව්වා දෙවෙනි කසාදයකට යන්න එපා දරුවා හදාගෙන ඉන්න කියලා – පූර්නිකා [PHOTOS]
නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආකර්ෂණය දිනා ගත්ත ඇය පූර්නිකා පීරිස් ඔයාලා හැමෝම හොඳින් දන්නවානේ…
මීට වසර ගණනාවකට කලින් ඇය මේ ක්ශේෂ්ත්‍රය තුළ විවිධ දක්ෂතා ඉදිරිපත් කරපු කෙනෙක්… රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ නිලියක් වන චතුරිකා පීරිස් සහ පූර්නිකා පීරිස් කියන්නේ සහෝදරියන් වීම ද විශේෂත්වයක්…
ඉතිං පූර්නිකා මේ වෙද්දි පළමු විවාහයෙන් වෙන්වෙලා ජනප්‍රිය නිවේදකයෙක් වගේම තබ්ලා වාදකයෙක් වන පේෂල මනෝජ් සමඟින් විවාහ වෙලා දැන් ඉන්නේ හරිම සතුටින්…. පූර්නිකාත් පේෂලත් දැන් නම් මව්පියන්. ඉතින් ඒ සුන්දර අත්දැකීම ගැන පූර්නිකා පීරිස් මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මගේ පළවෙනි විවාහය අසාර්ථක වුණ බව කවුරුත් දන්නවා. ඉතින් මගේ පළමු විවාහයේ දරුවා තමයි ආදිත්‍ය. අපේ ගෙදරින් කිව්වා දෙවෙනි කසාදයකට යන්න එපා දරුවා හදාගෙන ඉන්න කියලා. ඒත් මම එහෙම තනියම ඉන්නකොට මිනිස්සු එක එක කතාකියන නිසා මම පේෂලව විවාහ කරගත්තා. නමුත් මම පේෂලට ආදරේ කරා කියලා ඔහුව විවාහ කරගන්නෙ නෑ මගේ පුතා ආදිත්‍යට බැලුවෙ නැත්නම්.
ඊට පස්සේ අපි දෙන්නා තීරණය කළා දරුවෙක් හදන්නැතුව ආදිත්‍යගේ වැඩ කරගෙන ඉමු කියලා. ආදිත්‍යට කවුරු හරි ඉන්න ඕන නිසා ආයේ බබෙක් හදන්න තීරණය කලා. අබිමන්‍යු ආවට පස්සේ ආදි එයාට ගොඩක් ආදරෙයි. මම හිතන්නේ ආදිත්‍යගේ අංක එක සහ එයා ජීවත් වෙන්න ඉන්න කැමතිම කෙනා පේෂල. ඒ තරමට එයා පේෂලට ආදරෙයි. පේෂලත් එහෙමමයි. මම හරි කැමති පේෂලගෙයි ආදිගෙයි තියෙන බොන්ඩ් එකට.
මට පොඩි පුතා හම්බවෙන්න ඉන්නකොට මම ටිකට් කපලා ගෙදර එනකම්ම ආදි මගෙ ළගින් හෙලවුනේ නෑ. මල්ලි එනකම් පුදුම ආසාවකින් බලන් හිටියේ. දරුවට ඉන්න සුදුසු වාතාවරණයක් පවුල තුළ නැත්නම් මමනම් කියන්නේ ඒ දෙන්නා වෙන් වෙන එක හොඳයි කියලා. ඒ වුනාට උපරිමයෙන් වෙන් වෙන්නැතුව පවුල රැක ගන්න බලන්න ඕන. මම අදටත් අභිමන්ට කිරිදෙනවා. මගේ ඩොක්ටර් කිව්වෙම මව් කිරි දෙන්න කියලා.”





