ගෘහ සේවිකාවන් ගැන එල්ලවන චෝදනා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප‍්‍රතික්ෂේප කරයි

ගෘහ සේවිකාවන් ගැන එල්ලවන චෝදනා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප‍්‍රතික්ෂේප කරයි

ඕමානයේ අතරමංව සිටින ‍ගෘහ සේවිකාවන්ගේ සු‍බසාධනය පිළිබඳ හා ‍‍ඔවුන්ව ලංකාවට ගෙන්වා ගැනීමට ‍උත්සාහ නොගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ‍එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කලේ කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් යළි මෙරටට පැමිණීමට ඉල්ලුම් කර ඇති බවයි.

එම පිරිසෙන් බහුතරයක් නීති විරෝධී විදේ‍ශ රැකියා ආයතන හරහා සංචාරක වීසා මත ඕමානයට පැමිණි කාන්තාවන් බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This