ගුවන් ගමන් පාලකවරුනුත් වෘත්තීය ක්‍රියාමර්ගයට එක්වෙයි

ගුවන් ගමන් පාලකවරුනුත් වෘත්තීය ක්‍රියාමර්ගයට එක්වෙයි

අද දින ක‍්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්,ගුවන් ගමන් පාළකවරුන්ද අද දහවල් 12 සිට පස්වරු 02 දක්වා කාළය තුළ ‍අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

එහි සභාපති තිසර අමරනන්ද මහතා කියා සිටියේ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ශ‍්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප‍්‍රමාද වීම් සිදු විය හැකි බවයි.

එහෙත් ශ‍්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා, හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් බාධා ඇති නොවන බව ද තිසර අමරනන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This