ගුරු විදුහල්පති විරෝධයේදී 42ක් අත්අඩංගුවට

ගුරු විදුහල්පති විරෝධයේදී 42ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරතවූ 42ක් පොලිස් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණ නොකරන ලෙස එම පිරිසට දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් ඊට උද්ඝෝෂකයින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි 26 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින අතර ඔවුන් පැමිණී වාහන 10ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share This