ගුරු විදුහල්පතිවරුන් අද කොළඹට.

ගුරු විදුහල්පතිවරුන් අද කොළඹට.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත ගුරු විදුහල්පති වෘත්තිය සංගම් විරෝධතාවයක් සඳහා අද කොළඹට කැඳවා තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ සිය ඉල්ලීම් සඳහා විසඳූම් හිමිවන තුරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

වැටුප් විශමතා මෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිව ගුරු විදුහල්පති වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 11ක් ගත වනවා.

මේ අතර ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත ලබන මස 6 වනදා විවාදයට ගැනීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ පළමු දින විවාදය පැවැත්වුණා.

වෙනත් දිනයක අදාළ විවාදය පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විපක්ෂය ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

කෙසේ වෙතත් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහරගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කළේ විවාදයට පෙර මෙම පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාශ උපදේශක කාරක සභාවේ දී සලකා බලන බවයි.

Share This