ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරීමට පියවර

ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරීමට පියවර

වහාම ක‍්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝගකර තිබනවා.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12 දහස් 500 කගේ සියලූ මාරුවීම් අහෝසිවී යනු ඇති.

පසුගිය සමයේ විවිධ හේතු මත සමස්ත පාසල් අධ්‍යාපන ක‍්‍රියාවලියට බාධා ඇතිවූ බැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක‍්‍රියාවලියේ ගැටළු මතුවීම වැලැක්වීම සදහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

Share This