ගුරු ගැටළුවේ වෘත්තීය සමිති අවසන් තීරණය අද

ගුරු ගැටළුවේ වෘත්තීය සමිති අවසන් තීරණය අද

අග්‍රාමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද දිනයේදී රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය අනුකමිටුව විසින් ගුරු විදුහල්පතිවරුන් සදහා හිමිවිය යුතු සමස්ථ වැටුප අදියර 3 ක් යටතේ ලබාදීමට ගත් තීරණය වෙනුවට එම වැටුප අදියර 02 ක් යටතේ ලබාදීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා එකගතාවය පළ කළා.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වනමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණිමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් එම නිර්දේශ අද දිනයේ සිය වෘත්තීය සමිති සංධානය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් සිය ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ලබාදුන් විසඳුම් සඳහා සියළු වෘත්තීය සමිති එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළා.

Share This