ගෑස් ගැන පැතිරෙන කතා අසත්‍යයයි – රජයේ රස පරීක්ෂක කියයි

ගෑස් ගැන පැතිරෙන කතා අසත්‍යයයි – රජයේ රස පරීක්ෂක කියයි

පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් සිද්ධීන් වලට හේතුව වායුවේ සංයුතිය වෙනස්වීම බවට පැතිර යන පුවත් අසත්‍ය බව රජයේ රස පරීක්ෂක ගෞරි රාමනා මහතා ප්‍රකාශ කළා.

ඔහු විසින් මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින්.

කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අවන්හලක පසුගියදා සිදුවූ පිපිරීම සහ ඊට ආසන්න දිනවල සිදුවු තවත් පිපිරීම් වලට හේතුව වායු වල සංයුතිය වෙනස් වීම බවට දිනපතා පලවන ඉංග්‍රීසි පුවත්පතක් අද දිනයේ තොරතුරු වාර්තා කර තිබුණා

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පළවීමත් සමඟ මෙරට ගෑස් සමාගම් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවට ජනතාව අදහස් පළ කර තිබුණා.

කෙසේ වෙතත්, කුරුදුවත්ත අවන්හලේ පිපිරීමට හේතුව ද්‍රව පෙට්‍රෝලියම් වායුව කාන්දුවී එම වායුව වායු කලාපය තුළ පුපුරා යාම හා එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවති විදුලි උපකරණයකින් නිකුත් වූ විදුලි පුලිඟු‍වක් බවයි රජයේ රස පරීක්ෂකවරිය පෙන්වා දෙන්නේ.

මේ අතර, අද දිනයේ ලාෆ් ගෑස් සමාගම ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, යම් යම් අවස්ථාවල දී එල්.පී. ගෑස් සම්බන්ධව සිදුවූ අනතුරු ගෑස් ටැංකි පිපිරී යාමෙන් සිදුවූ අනතුරු ලෙස නම් කරනු ලැබූවද ලංකාවේ මෑත ඉතිහාසයේ කිසිදු ස්ථානයක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවයි.

මේ අතර හෝකන්දර ප්‍රදේශයේදී ඊයේ සිදුවූ ගෑස් පිපිරීමකින් නිවසට දැඩි අලාභහානි සිදුවී තිබෙනවා.

මේ එහි ඡායාරූප

Share This