ගායන ශිල්පී වික්ටර් විජයන්ත අභාවප්‍රාප්ත වෙයි

ගායන ශිල්පී වික්ටර් විජයන්ත අභාවප්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ ගායක වික්ටර් විජයන්ත මහතා අභවප‍්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 77 වන වියේ පසුවුණා.

1980 – 1990 දශක වල මෙරට තිරගත වූ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් දායක වූ වික්ටර් විජයන්ත මහතා ප්‍රවීන ගායන ශිල්පිනී මායා දමයන්තිගේ ස්වාමි පුරුෂයා වනවා.

කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිනී සචිනි නිරාෂා ඔහුගේ දියණියන් දෙදෙනායි.

මායා දමයන්ති මහත්මිය 1976 වසරේ ගායනා කරන ලද ඇයගේ පළමු ගීතය වන “දෑස වසා සිටියා” ගීතයේ සංගීතය වික්ටර් විජයන්ත මහතාගේ වන අතර ගීතය රචනා කරන ලද්දේ මාලා වජිරා මහත්මියයි.

1989 වර්ෂයේ තිරගත වූ මමයි රජා චිත්‍රපටයට ඒ මහතා විසින් ගැයූ “සඳේ ආලෝක ධාරා” ගීතය අතිශය ජනාදරයට පාත්‍ර වුණා.

වික්ටර් විජයන්ත මහතා, මායා දමයන්ති මහත්මිය සමඟ එක්ව ගැයූ සරල ගීයක් වන “නිසංසල රෑ” ගීතය බෙහෙවින් රසිකයින් විසින් වැළඳගැනීම ඉතා සුවිශේෂි කරුණක් ද වනවා.

තවද “සිහින ගෙනෙන කුමාරියේ” ගීතය ද ඒ මහතා විසින් ගායනා කරන ලද ගීතයක්.

මේ අතර “ෂෙනායි” වාද්‍ය භාණ්ඩය වාදනය කරනු ලබන මෙරටින් බිහි වූ ප්‍රථම සහ එකම පුද්ගලයා ද වික්ටර් විජයන්ත මහතායි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කැනඩාවේ ඔටෝවාහි දී සිදු කිරීමට නියමිතයි.

Share This