ග්‍රාන්ට් ෆ්ලවර්ට ගාල්ලේදී අකරතැබ්බයක්

ග්‍රාන්ට් ෆ්ලවර්ට ගාල්ලේදී අකරතැබ්බයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ගේ අව් කණ්නාඩි ‍යුගළය කිසිවෙකු විසින් සොරාගෙන ඇති බව වාර්තා වනවා.

ග්‍රාන්ට් ෆ්ලවර් මේ දිනවල ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්ව සිටින අතර, එම ක්‍රීඩාංගනයේදියි ඔහු මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ.

උදෑසන ශාරීරික සුවතාව සඳහා දිවීම ආරම්භ කිරීමට පෙර ග්‍රාන්ට් ෆ්ලවර් ඔහුගේ අව් කණ්නාඩිය ගලවා ගාලු ක්‍රීඩාංගනයේ බැම්මක් මත තබා ගොස් ඇති අතර වට කිහිපයක් දිවීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි විට සිය උපැස් යුවල නොමැති බව දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩාංගනය භාර ආරක්ෂක අංශයට දැනුම් දී ඇති අතර, මේ වන තෙක් අදාළ උපැස් යුවල හමුවී නැහැ.

Share This