ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විදුලිබල ඇමතිගෙන් දැනුම්දීමක්

ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විදුලිබල ඇමතිගෙන් දැනුම්දීමක්

පසුගිය අගෝස්තු 25 වැනිදා ප්‍රදානය කරන ලද ගල් අඟුරු ටෙන්ඩරය ඊයේ (22) කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කලේ දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසන නව ජාත්‍යන්තර විවෘත තරඟකාරී ටෙන්ඩරයක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

ඒ මහතා පෙන්වා දෙන්නේ තෝරාගත් සැපයුම්කරු විසින් සන්නිවේදනය කර ඇත්තේ ගොනු කරන ලද නීතිමය තත්ත්වය සහ ගෙවීම් සහතික කිරීමේ අවදානම කෙරෙහි ඇති බලපෑම මත ටෙන්ඩර් බැලීමේ ගැටලු ඉටු කිරීමට නොහැකි වූ බවයි.

Share This