ගයත්‍රි ගේ අලුත්ම වැඩේ

ගයත්‍රි ගේ අලුත්ම වැඩේ

කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝමයක් තාරකාවන් අතර කැපී පෙනෙන චරිතයක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ.

රංගන ශිල්පිනියක් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන් .ඉතින් ඇයගේ නවතම තොරතුරු ටිකක් දැන ගන්න අපි හිතුවා .
මේ දිනවල ඉතින් ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා කියලා තමයි ඇය කිව්වේ.

කාටත් ප්‍රශ්නයක් වෙලා තියෙන කොරෝනා වසංගතය තමයිලු ලොකුම ප්‍රශ්නෙ .රූපලාවන්‍යාගාර නම් වහලා නමුත් රූපගත කිරීම් නම් කරගෙන යනවා කියලා ඇය කිව්වේ.

මේ දිනවල “පාර දිගේ” ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා කියලයි ගයත්‍රි කිව්වෙ.ඒ වගේම මේ දිනවල අලුත් වැඩකටත් ලෑස්ති වෙනවා කියලයි ඇය කියන්නේ.

ඒක තමයිලු ඇය අලුතෙන් ටෙලිනාට්‍යක් අධ්‍යක්ෂණය කරන්න යන එක.

පිටපතේ වැඩ මේ දිනවල කරගෙන යනවා ලු . තවමත් නළු නිළියෝ කවුද කියන එක ගැන තීරණයක් නැහැ කියලත් ඇය කිව්වා.  බොහෝ විට චන්න පෙරේරා ත් මෙහි රඟපාන්න ඉඩ තියෙනවලු.

ගයත්‍රි මේ වෙනකොට ක්ෂේත්‍රයේ වැඩ කටයුතු පටන් අරගෙන වසර විස්සක් ගත වෙලාලු.
මෙතෙක් ආපු ගමන් මග ගැන ඇය කිව්වේ සුන්දර ව ජීවත් වෙනවා නම් මේක හරිම සුන්දර තැනක් කියලයි.කලාකරුවෙක් වීම ලොකු භාග්‍යයක් කියලයි ඇය කියන්නේ.මේ හැම දේකටම ගොඩක් මහන්සි වුණාලු.කලාවට ඇවිල්ල අමාරුවෙන් ගොඩනගා ගත්තු හැම දෙයක් ගැනම  ආපස්සට හැරිලා බලනකොට සතුටක් තියෙන කියලත් ඇය කිව්වා  .

ඇයට ඇතිවෙන විවිධ කටකතා පිළිබඳව මොකද හිතන්නේ කියලත් ඇය ගෙන් අහන්න අපි අමතක කලේ නෑ.එවිට ඇය කිව්වේ කෙනෙක් පෙනුමට ඉන්නවනම් ඒ හේතුව උඩ තමයිලු ඔය කට කතා  ඇති වෙන්නේ  .
ඉදිරි වැඩ කටයුතු ගැන ඇහුවහම ඒ කිව්වේ  ටෙලි නාට්‍ය කිහිපයකට වගේම සිනමා නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලයි.
ඇයගේ කලා කටයුතු වෙනුවෙන් අපිත් හදවතින්ම සුබ පතමු .

Share This