ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය වෙයි.

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය වෙයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුනා.

විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 152 ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 61 ක් පමණයි

ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුනා.

සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අගෝස්තු 3 වනදා නැවත රැස්වෙයි.

Share This