ගනුදෙනු කටයුතු අත්හිටවූ බැංකු

ගනුදෙනු කටයුතු අත්හිටවූ බැංකු

දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරි සතියක කාලයක් පුරා මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකු කිහිපයක් සිය ගනුදෙනු කටයුතු අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එළඹ ඇති දුෂ්කර කාලසීමාව තුල සිය මුල්‍ය ගනුදෙනු අන්තර්ජාල බැංකු පහසුකම් සහ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා සිදුකර ගන්නා ලෙසයි.

මේ අනුව සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ NDB බැංකුව එලබෙන 14 වෙනිදා දක්වා වසා දැමෙන බව නිවේදනය කර ඇති අතර හැටන් නැෂනල් බැංකුව අද සහ හෙට යන දෙදින තුල වසා තැබෙනු ඇති.

සෙලාන් බැංකුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ ඔවුන්ගේ තෝරාගත් ශාඛා කිහිපයක් සීමිත පැය ගණනාවකට පමණක් විවෘතව තැබෙන බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය බැංකු කිසිවක් පවතින සංචරණ කාල සීමාව තුල වසා තැබෙන හෝ සේවා සැපයීම් සීමා කෙරෙන බව මෙතෙක් දැනුම් දී නැහැ.

TAGS
Share This