
ක‍්‍රිකට් ආයතනය දුන් තේරීම් කමිටුව ජාතික ක‍්‍රීඩා සභාවේදී ඉවතට.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව සඳහා වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ද ඇතුලත්ව ක‍්‍රිකට් ආයතනය විසින් එවන ලද නාම ලේඛනය ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ බව දන්වමින් ක‍්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යොමු කරන ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව පෙන්වා දී ඇත්තේ එම තනතුරු සඳහා මීට වඩා සුදුසු පුද්ගලයින් සිටින බවයි.
ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් ගේ නම් ඇතුලත් වූ මෙම ලේඛනයට තවත් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ද නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් එක් කර තිබූ බව සඳහන්.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් තේරීම් කමිටුවක් තෝරා ගැනීම යුගයේ අවශ්‍යතාවක් බවයි ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව සිය ලිපිය මගින් ක‍්‍රීඩා අමාත්‍යාංශ වෙත දැනුම්දී ඇත්තේ.
ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවට සුදුස්සන් තෝරා ගැනීම සදහා අලූතින් නාමයෝජනා කැඳවීමට අවස්ථාව ලබා දෙන ලෙසද ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.