කෝටි 4කට ආසන්න කේරළ ගංජා සමඟ දෙදෙනෙකු දැලේ

කෝටි 4කට ආසන්න කේරළ ගංජා සමඟ දෙදෙනෙකු දැලේ

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස්, කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සිය භාරයට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂාවට ලක් කර, එහි රැගෙන එන ලද කේරළ ගංජා පාර්සල් හතරක් සොයා ගෙන ඇති අතර එහි කිලෝ 130 කට වැඩි ප්‍රමාණයක් කේරල ගංජා අඩංගු වු බව සදහන්.
මෙහි වීථි වටිනාකම රුපියල් කෝටි 4කට ආසන්නයි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 26ත් 31ත් අතර වයසේ පසුවන පේසාලේ සහ කයිට්ස් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, මෙම සැකකරුවන් සහ කේරළ ගංජා මෙන්ම ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

Share This