
කොළඹ වරායේ බහාලු මෙහෙයුම් ධාරිතාව ඉහල නැංවීමට පියවර.
කොළඹ වරායේ බහාලු මෙහෙයුම් ධාරිතාව මිලියන 8.5 සිට මිලියන 35 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවට එක් වෙමින්.
කොළඹ වරායේ බහාලු පර්යන්තයේ ඉදිවන නැගෙනහිර කොටසේ සම්පූර්ණ දිග මීටර් 1300 ක් වන අතර මෙහෙයුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 1300 ක් වන බව සදහන්.
ලබන වසරේ පෙබරවාරි මාසය වන විට එම කටයුතු අවසන් කිරීමටයි සැලැසුම් සකස් කර ඇත්තේ.