කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් සේවා යළි

කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් සේවා යළි

කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා එළඹෙන මාසයේ සිට යළි ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් එම ගුවන් ගමන් සිදු කිරීමට නියමිතයි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පෙර රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය පළාලි ගුවන් තොටුපළ දක්වා සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කෙරුණා.

Share This