
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතීඥයින් දෙදෙනෙකු අතර ගැටුමක්
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ හමුවීම් ශාලාවේදී නීතීඥයින් දෙදෙනෙකු විසින් ගැටුමක් ඇතිකරගෙන ඇති බවට කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ එක් නීතීඥවරයෙකු ඉදිරිපත් කළ අදාළ පැමිණිල්ලෙහි දැක්වෙන්නේ පුටුවක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් තවත් නීතීඥවරයෙකු විසින් තමන්ට පරුෂ වචනයෙන් බැනවැදී පහර දුන් බවයි.
එම අවස්ථාවේ පහර කෑමට ලක් වූ නීතිඥවරයා රෝහල්ගතවන බව පවසමින් අධිකරණ පෝරමයක් ද රැගෙන පිටව ගොස් ඇති බවයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.