කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු  කාලය දීර්ඝ කෙරේ.

කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු කාලය දීර්ඝ කෙරේ.

අද සිට කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු කාලය විනාඩි 30කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පූර්ව ගණුදෙනු පෙරවරු 9යි 30 සිට පෙරවරු 10 දක්වා පැවත්වුනා.

පෙරවරු 10ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගණුදෙනු පෙරවරු 10 යේ සිට පස්වරු 1 දක්වා ක‍්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 ක් බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ.

Share This