
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට
අද කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඇති බව සදහන්.
එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.