කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ වර්ධනය වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය දිනය අවසානයේ 7 දහස් 516 යි දශම 6 යි 3ක් ලෙස සටහන් වුණා.

ප‍්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන S&P ශ‍්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2 දහස් 436 යි දශම 8යි 7ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියනයකට අඩුවෙන් සටහන් වීම විශේෂත්වයක්.

මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ අද ගනුදෙනු සඳහා වසා තැබෙන බවයි වාර්තා වනවා.

Share This