![කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි තරමෙ පීසා එකක් ඔයාලට ලැබුනොත්.. [Photos & Videos] කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි තරමෙ පීසා එකක් ඔයාලට ලැබුනොත්.. [Photos & Videos]](https://news24.lk/wp-content/uploads/2023/01/New-Project-2023-01-25T092604.100.jpg)
කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි තරමෙ පීසා එකක් ඔයාලට ලැබුනොත්.. [Photos & Videos]
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.
කොච්චර ආසද කියනවනම් සමහරක් වෙලාවට අපිට කොච්චර කෑවත් මදිවෙන තරමට පීසා වලට මිනිස්සු හරිම කෑදරයි.
ඇත්තටම ඔයාලට ලොකු පීසා එකක් තනියම කන්න පුලුවන්ද ?
සමහර වෙලාවට කොච්චර ලොකු උනත් පීසා වලට තියන ආසාව නිසා ඒක මදිවෙනවා නේද..?
එහෙනම් මේ කියන්න යන්නෙ එහෙම මදි වෙන මගහැරිච්ච ලොකු අවස්ථාවක් ගැන.
කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි තරමෙ පීසා එකක් ඔයාලට ලැබුනොත්..
ලොස් ඇන්ජලීස් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී තමයි මේ ලොකුම ලොකු පීසා එක නිර්මාණය වෙන්නෙ.
අඩි 14,100කට වඩා වැඩි ප්‍රමාණයකින් යුත් Pepperoni පීසාවක් නිර්මාණය කිරීමෙන් Pizza Hut ආයතනය විසින් පසුගිය සතියේදී ගිනස් වාර්තාවක් තියල තියනවා.
මෙහෙම කරලා තියෙන්නෙ The Big New Yorker එහි මෙනුවට නැවත පැමිණීමත් එක්ක.
පැය කිහිපයක් තිස්සේම කොටසින් කොටස පුළුස්සලා තමයි මේක හදලා තියෙන්නෙ.
ඒ වගේම මීට අමතරව ඔවුන් තවත් වාර්තාවක් තියන්න උත්සාහ කරල තියනවා.
ඒ අනුව යූ ටියුබ් තරුවක් වන Airrack හි සහය ඇතිව Inglewood හි YouTube රඟහලේ ලොව විශාලතම පීසා සාදය සඳහා වූ වාර්තාව බිඳ දැමීමටද ඔවුන් සමත් වෙලා.
අවසානයේ මේ පීසා එක ඔවුන් පුණ්‍ය ආයතන කිහිපයකට පරිත්‍යාග කරලා.
මේ ඔවුන් එය නිර්මාණය කල ආකාරය:
:max_bytes(150000):strip_icc():focal(619x198:621x200)/Airrack-Pizza-012323-cc1c3736aabb4709b587934151b94866.jpg)


