කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩුවෙයි

කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩුවෙයි

ගෙවුනු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 552 ක් මෙරටින් හදුනාගනු ලැබුවා.

ඒ සමගම මෙරට සමස්ත කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 534 ,975 ක් දක්වා ඉහල යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර කෝවිඩ් ආසාදනය වීමෙන් මෙරටදී මියගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13 ,574 ක් දක්වා දක්වා ඉහල ගියා.

ඒ අලු‍තෙන් වාර්තාවූ කෝවිඩ් මරණ 12 ත් සමගයි.

එම මරණ පෙරේදා දිනයේදී සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 07 ක් සහ කාන්තාවන් 05 ක්.

මේ අතර කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ කළු දිලීර රෝගය ආසාදිත මෙරට පුද්ගලයෙකු මියගිය පුවතක් පළමුවරට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වනවා.

ඇල්පිටියේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා එලෙස මියගොස් ඇති බවයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ.

වැඩිදුර පරික්ෂණ සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ පෙණහලු‍ ආශ්‍රිතව කළු දිලීර රෝගය වැළඳි ඇති බවයි වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතා හේතුවෙන් කළු දිලීර රෝගීන් මෙරටින් වාර්ථා වී ඇති නමුත් ඉන් සිදු වූ මරණ පිළිබඳ වාර්ථා වී තිබුනේ නැහැ.

Share This