කොවිඩ් නීති කැඩූ බ්‍රිතාන්‍ය  අගමැති සමාව ඉල්ලයි

කොවිඩ් නීති කැඩූ බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

කොවිඩ් සංචරණ නීති උල්ලංගණය කළ බවට චෝදනා එල්ලවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට මන්ත්‍රී මණ්ඩලයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

කොවිඩ් සංචරණ නීති ක්‍රියාත්මක එරට ඩවුනින් වීදියේ උද්‍යානයක අගමැති ජොන්සන් සාදයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳ විරෝධය පලකළ මන්ත්‍රීවරු පිරිසක් ධුරයෙන් ඉවත්වන ලෙස ඔහුට බලකර තිබුනා.

මෙම චෝදනාවේදී එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් ඇතුලු කැබිනට් මණ්ඩල සාමාජිකයින් එහිදී අගමැති ජොන්සන්ගේ ක්‍රියා කලාපයට පක්ෂපාතීව අදහස් දක්වා ඇති බව සඳහන්

කෙසේ නමුත් පසුව කරුනු වටහාගත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයදීමෙන් පසු සිද්දිය සමථයකට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This