කොවිඩ් නිසා සෞඛ්‍ය සේවකයින් 180,000ක් මරුට

කොවිඩ් නිසා සෞඛ්‍ය සේවකයින් 180,000ක් මරුට

ලොවපුරා රටවල් වලට බලපෑ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය සේවකයින් එක්ලක්ෂ අසූ දහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ප්‍රකාශ කළේ මෙලෙස මියගොස් ඇති සෞඛ්‍ය සේවකයින් අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ සෙසු කාර්ය මණ්ඩල සේවකයින් අයත් වන බවයි

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එන්නත්කරණ ක්‍රියාවලියේදී සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා සියලු රටවල් කටයුතු කළ යුතු බවයි

මේ අතර මෙම වසංගත තත්ත්වය තවත් වසරකට ආසන්න කාලයක් ගෝලීයව පැතිර යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියා

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවකයින් මිලියන 135ක් පමණ සිටින අතර කොවිඩ් වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මෙම පිරිසටයි

Share This