කොවිඩ් එන්නතෙන් පසු මැලේරියාවට එරෙහිවත් එන්නතක් නිපදවයි

කොවිඩ් එන්නතෙන් පසු මැලේරියාවට එරෙහිවත් එන්නතක් නිපදවයි

මිලියන සංඛ්‍යාත අප්‍රිකානු ළමයින්ගේ ජීවිතවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා එම කලාපයටම බරපතල තර්ජනයක් වී ඇති මැලේරියා රෝගයට එරෙහි එන්නත්කරණය ආරම්භ වී තිබෙනවා.

ලොව පළමු වරට මැලේරියා රෝගය සඳහා නිෂ්පාදනය කෙරුණූ නව එන්නත මෙලෙස භාවිතයට ගෙන ඇත්තේ, අප්‍රිකානු රටවල් කිහිපයක සිදු කළ සායනික අත්හදාබැලීම් වලින් පසුවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේ‍රඩොස් ග්‍රේබියේසස් ප්‍රකාශ කළේ, මෙය ඵෙතිහාසික පියවරක් ලෙස සැලකිය හැකි බවයි.

වසරකට මැලේරියා රෝගීන් මිලියන 229ක් පමණ වාර්තා වන අතර, ඉන් සියයට 94ක්ම වාර්තා වන්නේ අප්‍රිකාවෙන්.

2019 වසරේදී පමණක් ළමයින් 260,000 මැලේරියා රෝගයෙන් මියගොස් තිබෙනවා.

Share This