කොලොම්බියාවේ සිදු වූ ගුවන් අනතුරකින් 8 ක් මරුට

කොලොම්බියාවේ සිදු වූ ගුවන් අනතුරකින් 8 ක් මරුට

පුද්ගලයින් 8 දෙනෙකු රැගත් ගුවන්යානයක් කොලොම්බියාවේ දෙවන විශාලතම නගරය වන මෙඩෙලින් හි ජනාකීර්ණ ප‍්‍රදේශයකට කඩා වැටී තිබෙනවා.

මෙම අනතුරින් යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බවයි කොලොම්බියා බලධාරීන් ප‍්‍රකාශ කලේ.

ඔලායා ගුවන් තොටුපොලින් ගුවන්ගත වූ යානයෙහි එන්ජිමෙහි හටගත් දෝෂයක් එය කඩා වැටීමට හේතු වී තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර මගින් 6 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනා ද වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේ.

Share This