
කොරෝනා වසංගත සමයේ මෙරට දරුවන්ගේ සාක්ෂරතාව සීග‍්‍ර පසුබෑමක – සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි
කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ සාක්ෂරතා මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බව ආනවරණ වී තිබෙනවා.
ඒ 2021 දෙසැම්බර් මාසයේ සිට 2022 ජනවාරි මාස දක්වා කාලය තුළදී කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ විශේෂ නවතම සමීක්ෂණයක් මගින්.
සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009 ක 3 වන ශ්‍රේණියේ දරුවන් දස දහසක් යොදා ගනිමින් සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ මෙම සංගණනය සිදු කර තිබෙනවා.
එහිදී අනාවරණවී ඇත්තේ එම පිරිසෙන් සියයට 90 කට පමණ ප‍්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ සංඛ්‍යා පිළිබඳ දැනුමක් නොමැති බවයි.
ඒ සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ සියයට 27 ක් පමණයි.
කථන කුසලතාවට මුහුණ දුන් දරුවන්ගෙන් සියයට 20 ක් පමණක් සමත්වී තිබූ අතර සියයට 80 ක පිරිස එය අසමත්වී තිබෙනවා.
සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34 ක ප‍්‍රතිශතයක් පමණියි.
සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී සියයට 7 ක ප‍්‍රතිශතයක් එය සමත්ව තිබුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් සියයට 26 කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප‍්‍රවේශයක් ලැබි නොමැති බවයි.