කොරෝනා එන්නතේ ප්‍රතිශක්තිය ගැන  සහතිකයක්

කොරෝනා එන්නතේ ප්‍රතිශක්තිය ගැන සහතිකයක්

මෙරට කොරෝනා මර්දනය සදහා භාවිතා කරන ප්‍රධාන එන්නත් වර්ග මගින් වඩාත් ඉහළ ප්‍රතිශක්තීකරණය ලබා දෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.


අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මේ බව කියා සිටියා.

ඉදිරියේදී ලොව බොහෝ රටවල් එන්නත් මිශ්‍රකර ලබා ගැනීමට පෙළඹෙනු ඇති බවටයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා එහිදී කියා සිටියේ.

මේ අතර බි්‍රතාන්‍යයේ සහ ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේද මෙරට ප්‍රදේශ 10 කින් හදුනාගෙන තිබෙනවා.
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරස් ප්‍රභේද පිළිබඳ සිදුකළ පරීක්ෂණයට අනුව එම ප්‍රභේද හදුනාගෙන ඇති බවයි.


Share This