කොරෝනාවේ ආරම්භය සොයා චීනයෙන් රුධිර පරීක්ෂාවක්

කොරෝනාවේ ආරම්භය සොයා චීනයෙන් රුධිර පරීක්ෂාවක්

කොරෝනා වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් නව අධ්‍යයනයක් සිදු කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වූහාන් නගරයේ රුධිර මධ්‍යස්ථාන ආශ්‍රිතව පරීක්ෂණ සිදු කිරීමටයි චීන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

2019 වසරේ ආරම්භයේ සිට වූහාන් නුවර රුධිර මධ්‍යස්ථානවලින් ලබාගත් ලක්ෂ 2කට අධික රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කිරීමට ඒ යටතේ සැළසුම් කර තිබෙනවා.

2019 වසරේ දෙසැම්බර් මස අග භාගයේ වූහාන් නගරයෙන් සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වූ කොරෝනා වෛරසයේ බිහිවීම සම්බන්ධයෙන් චීනය සිදු කරන අධ්‍යයන විනිවිදභාවයකින් තොර බවට බටහිර රාජ්‍යයන්ගෙන් අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වුණා.

එම රටවල් පෙන්වා දුන්නේ, කොවිඩ් යනු ගෝලීය බලය අල්ලා ගැනීම වෙනුවෙන් චීනය විසින් නිර්මාණය කරන ලද වෛරසයක් බවයි.

Share This