
කොරියානු රැකියා සඳහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි
තවත් ශ‍්‍රී ලාංකික තරුණයන් 49 දෙනෙකු කොරියානු රැකියා සදහා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම ශ‍්‍රමිකයින් කණ්ඩායම පසුගිය 24 වැනිදා කොරියාව බලා පිටත්වයාමට නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකන් ගුවන්යානයේ ප‍්‍රමාදය හේතුවෙන් එම ශ‍්‍රමිකයින් කණ්ඩායම, එම අවස්ථාවේදී ගෙන්වා ගැනීම කල් දැමීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මතයි එම ශ‍්‍රමික කණ්ඩායම මෙසේ කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.