කොදෙව්වන් පැරදූ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් තරඟාවලියේ පෙරමුණට

කොදෙව්වන් පැරදූ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් තරඟාවලියේ පෙරමුණට

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 187ක ජයක් වාර්තා කළා.

ඒ කොදෙව් දෙවන ඉනිම ලකුණු 160 කට සීමා කරමින්.

තරඟයේ පළමු ඉණිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 386ක් ලබාගත් අතර, ඊට පිළිතුරු ලෙස කොදෙව් ක්‍රීඩකයින්ට සිය පළමු ඉණිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 230ක් පමණයි.

අනතුරුව දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී ඉනිම අත්හිටවා ප්‍රතිවාදී කොදෙව් කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 347ක ඉලක්කයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, එම ඉලක්කය හඹාගිය කොදෙව් කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

පන්දු යැවීමේ පළමු ඉනිමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 5 ක්, රමේෂ් මෙන්ඩිස් කඩුළු 4 ක් සහ ප්‍රවීන් ජයවික්‍රම එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ අනුව යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම මෙම තරඟයේදී නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ඒ, වමත් දඟ පන්දු යවන්නෙකු විසින් තමා මුහුණදුන් පළමු ටෙස්ට් ඉනිම් 3 තුළ කඩුලු 4කට වඩා දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඔහු, කොදෙව් පළමු ඉනිමේදී කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

මෙම ජයග්‍රහනයත් සමඟ, 2021-2023 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහි දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම සහ, තුන්වන ස්ථානය පාකිස්ථාන කණ්ඩායමටයි හිමිව ඇත්තේ.

Share This