කොදෙව්වන්ට තවත් 200 ක ඉලක්කයක්.

කොදෙව්වන්ට තවත් 200 ක ඉලක්කයක්.

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කොදෙව්වන් කඩුලු 7 කට ලකුණු 125 ක් ලබා සිටියා.

රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 3 ක් හිමි කර ගත්තා.

තරගය ජයග්‍රහනය කිරීමට නම් බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායමට තවත් ලකුණු 223 ක් ලබා ගත යුතුයි.

ඔවුන් පළමු ඉනිමට ලකුණු 230 ක් රැස් කළා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදි ලකුණු 386 ක් ලබාගත් අතර දෙවන ඉනිම ලකුණු 191 කට අත්හිටවනු ලැබුවා.

කොදෙව් කන්ඩායම මේවන විට ලකුණු 148 ක් හිමි කරගෙන සිටිනවා

Share This