
කොටස් වෙළදපළේ කැපී පෙනෙන වර්ධනයක්
කොළඹ කොටස් වෙළදපළේ අද (23) දින කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 272.64කින් ද, එස් ඇන්ඩ් පී දර්ශකය ඒකකය 94.72කින් ඉහළ ගොස් තිබූ අතර දෛනික පිරිවැටුම රුපියල් බිලියන 02ක් ලෙස දැක්වුණා.
පසුගිය දා මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලට ඉන්දියාව සහ චීනය සහයෝගය පළ කිරීමත් සමඟ ආයෝජකයින්ගේ විස්වාසය ඉහළ යාම මෙම වර්ධනයට හේතු වී ඇති බව සඳහන් වනවා.