කෘෂි යන්ත‍්‍ර සඳහා ඉන්ධන කඩිනමින් – ඇමති අමරවීරගෙන් නව වැඩපිළිවෙලක්

කෘෂි යන්ත‍්‍ර සඳහා ඉන්ධන කඩිනමින් – ඇමති අමරවීරගෙන් නව වැඩපිළිවෙලක්

කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අපහසුතා හේතුවෙන් ගොවීන් දැඩිව පීඩා විදින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා.

දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කලේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා නිසි කලට ඉන්ධන සපයා ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කර කඩිනම් පියවරක් ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කන්දකාඩු ගොවිපලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම වී අළෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම ද කඩිනම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

Share This