කුළුදුල් ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටන අද

කුළුදුල් ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටන අද

කුලුදුල් ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සුදානම් බව එංගලන්තයෙන් ලැබෙන ආරංචිමාර්ග සදහන් කලා.
එරට සදර්ටන්හිදී පැවැත්වෙන මෙම තරගයේ දී ඉන්දියාව සහ නවසීලන්තය තරග වැදීමට නියමිතයි.
විරාට් කෝලි විසින් ඉන්දිය කණ්ඩායම මෙහයෙවනු ලබන අතර කෙන් විලියම්න් විසින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇති.මේ අතර නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රිඩක මිචෙල් ස්ටැනර් වෙනුවට ඉන්දීය සම්භවයක් සහිත අජාස් පටෙල් කැදවා ඇති බව සදහන්.
තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වනවා.

Share This