කුෂිනගර් ගුවන් තොටුපළ අද නිල වශයෙන් විවෘත වෙයි – මහා සංඝරත්නයේ සියක් නමක් මංගල ගුවන් ගමනට

කුෂිනගර් ගුවන් තොටුපළ අද නිල වශයෙන් විවෘත වෙයි – මහා සංඝරත්නයේ සියක් නමක් මංගල ගුවන් ගමනට

ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපොල ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බවට පත් කිරීම සංකේතවත් කරමින් මෙරට සිට පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පළමුව එහි ගොඩ බැස්සවීමට නියමිතයි.

කුෂි නගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විවෘත කිරීමට නියමිතයි.

මෙම ඓතිහාසික අවස්ථාවට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන්නේ නම් එය වඩාත් උචිත බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මිට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබුණා.

ඒ අනුවයි ශ්‍රී ලංකන් ගුවන් යානයක් පළමුව එහි ගොඩබැස්සවීමට තීරණය කෙරුණේ.

අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, සියක් නමක් එම අවස්ථාවට වැඩම කරවීමට නියමිතයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද ඊට එක්වනු ඇති.

කුෂිනගර් දක්වා වැඩම කරන මහා සංඝරත්නය වෙනුවෙන් ඊට අදාළ අවසරපත් පිළිගැන්වීම අග්‍රාමාත්‍යවරයා අතින් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.

කුෂි නගර් යනු බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වානය සිදුවූ කුසිනාරා නුවරයි.

Share This