කුවේට් රාජ්‍යයේ සිටි ගෘහ සේවිකාවන් 47 දෙනෙකු අද යළි දිවයිනට.

කුවේට් රාජ්‍යයේ සිටි ගෘහ සේවිකාවන් 47 දෙනෙකු අද යළි දිවයිනට.

විවිධ හිරිහැරවලට සහ රෝගාබාධයන්ට ලක්ව පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි මෙරට ගෘහ සේවිකාවන් 47 දෙනෙකු අද යළි දිවයිනට පැමිණියා.

ඕමානයේ මස්කට් අගනුවර සිට පැමිණි ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම පිරිස අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාවන් අතරින් වැඩිපිරිසක් සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර වලට ලක්වීමෙන් පසු කුවේටයේ තානාපති කාර්යාලයට පැමිණි අය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

Share This