කුවේට් රාජ්‍යයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වෙයි.

කුවේට් රාජ්‍යයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වෙයි.

විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් කුවේට් රාජ්‍යයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා.

එරට නිල පුවත් ඒජන්සිය වාර්තා කළේ කුවේට් අග‍්‍රාමාත්‍ය ශෙයික් අහමඞ් විසින් සිය අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා අස්වීම ඔටුන්න හිමි ශෙයික් අල් සබාහ් වෙත ඉදිරිපත් කර ඇති බවයි.

විපක්ෂයෙන් එල්ලවූ විරෝධයද මෙම ඉල්ලා අස්වීමට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සදහා බලපා ඇති ප‍්‍රමුඛ කාරණය කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

Share This