
කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසරදීම තාවකාලිකව අත්හිටුවයි
කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසරදීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවති කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත්කළ කරුණු සලකාබලමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.
දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදිකිරීම් සදහා විශාල වශයෙන් කුඹුරු ඉඩම් ගොඩ කෙරෙමින් පවතින බවත්, ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සහයෝගය පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දී තිබෙනවා.
මෙම තහනම සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා අදාළ නොවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.